මා කුඩා කාලයේ අප ජීවත් වූයේ ඔහියෝ හි ගොඩනැගෙමින් තිබූ ගොඩනැගිලි කිහිපයක් අසළය. ඉන් ජ්වලිත වී මගේ මිතුරන් සහ මම එක්වී කොටුවක් සෑදීම සඳහා එහි අබලි කැබලි එකතු කළෙමු. අපගේ දෙමාපියන්ගෙන් උපකරණ ඉල්ලා ගෙන දින ගණනාවක් අපගේ අරමුණ සඳහා ද්‍රව්‍යයන් භාවිතා කළෙමු. එය විනෝදය ගෙන දුන්නේය. නමුත් අප අවට තිබූ හොඳින් ගොඩ නගන ලද ඒවා සමග සංසන්දනය කරන විට අපගේ…
උතුරු ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තය සෙමෙන් දුගීකම ජය ගනිමින් සිටියි. ඔවුන්ගේ ආදායම අඩු වුවද එම ප්‍රදේශයට ශුභාරංචිය පැමිණි දිනයේ සිට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් දේශීය චාරිත්‍රයක් වන “හාල් මිටක් යන චාරිත්‍රය ක්‍රියාත්මක කළහ. ආහාර පිළියෙල කරන්නන් සෑම දිනකම නොපිසූ හාල් මිටක් පසෙකට කර එය සභාවට දෙති. මිසෝරාම් සභාවන් ලෝකයේ ප්‍රමිතීන්ට අනුව දුගී වුවත් මිලියන ගණනක් සේවයන්ට ලබා දී බොහෝ මිෂනාරිවරුන්ද ලොව වටා…
ඉංග්‍රීසි ජාතික කලාකරුවෙක් වන ජෝන් මාර්ටින් (1789-1854) ප්‍රසිද්ධ වන්නේ එළිදරව් කළ දර්ශන චිත්‍රයට නැගීම නිසාය. ඒවායින් ජනගහණය විනාශ වීම් දැක්වේ. මෙම විශ්මිත දර්ශන වල ඇති විනාශයේ විශාලත්වය සහ පැමිණෙන ව්‍යසන වලට එරෙහි වීමට මනුෂ්‍යයාට බලය නැති වීම දරාගත නොහැකි වන්නේය. එක චිත්‍රයක් වන නිනිවෙහි වැටීම පෙන්වන්නේ ඝණ අඳුරු වළාකුළු යට ඇති බුර බුරා නගින මුහුදු රැළ අතරට සෙනග දිව යන…
මිතුරෙකු ඔහුගේ විවාහ ගිවිසුම බිඳ තිබුණි. ඔහු තම පවුල විනාශ කරනවා දැකීම වේදනාකාරී විය. ඔහු තම භාර්යාව සමග සමගි වීමට උත්සාහ කරන විට ඔහු මාගේ උපදෙස් පැතීය. වචන වලට වඩා යමක් ඔහු දිය යුතු බව මම පැවසීමි. ඔහුගේ භාර්යාවට ක්‍රියාශීලීව ප්‍රේම කළ යුතු බවත් පාපයේ ඡායා සියල්ල ඉවත් කළ යුතු බවත් මම කීවෙමි.
දෙවියන්වහන්සේ සමග ගිවිසුම බිඳ දමා අන් දෙවිවරු…
වසර දෙකකට අධික කාලයක් මෙතෝදිස්ත ගීතිකා පොතක පළමුවෙන් එන ගීතිකාව වූයේ “ගායනා කිරීමට දිව් දහසක්” යන ගීතිකාවයි. එය ලියා ඇත්තේ චාර්ල්ස් වෙස්ලි විසිනි. මුලින් මාතෘකාව වූයේ “එක් අයෙකුගේ හැරීමේ වාර්ෂික දිනය වෙනුවෙන්” යනුවෙනි. එම ගීතිකාව සම්පාදනය කර තිබුණේ යේසුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ලෙන් අලුත්ව දැල්වෙන අයගේ රැඩිකල් හැරීම සිහිපත් කිරීමටය. පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන අයට ප්‍රකාශ වන දෙවියන්වහන්සේගේ යහපත්කමේ තේජස…
වසර කිහිපයකට පෙර දේශපාලනික නායකත්වයක අර්බූදකාරී වෙනසක් නිසා අනාථ වූ අය රැක බලා ගැනීමට අපගේ සභාවට ආරාධනාවක් ලැබුණි. සම්පූර්ණ පවුල් පැමිණියේ කුඩා මල්ලකට දමා ගැනීමට හැකිවූ භාණ්ඩ කිහිපයක් සමගය. අපගේ සභා පවුල් සමහරක් තම නිවාස විවෘත කර දුන්හ. ඒ අතර එතරම් ඉඩ පහසුකම් නොතිබූ අයද වූහ.
ඔවුන්ගේ අනුග්‍රාහික ආගන්තුක සත්කාරය ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසුව දෙවියන්වහන්සේ ඉශ්රායෙල් වරුන්ට දුන්…
අපගේ දරුවන් හැදී වැඩුණු ඔරිගන් නගරයෙන් පැමිණ දැන් වසර ගණනාවකි. එහිදී අපට බොහෝ මතකයන් තිබුණි. අපගේ දැරියන්ගේ පාපන්දු ක්‍රීඩා, අපගේ පැරණි නිවස, සභා එකතුවීම්, අපගේ මිතුරන්ගේ මෙක්සිකානු ආපන ශාලා වැනි මට අමතක වූ අවස්ථාවන් මෑතකදී ගිය මේ ගමනෙන් මගේ මතකයට නැගුණි . නගරය වෙනස් වූවත් නැවත වරක් එහි යාමට අවශ්‍ය වූ මගේ ආශාව උද්දීපනය කරන්න සුපුරුදු දේවල් ප්‍රමාණවත් විය.
ඉශ්රායෙල්වරු…
භූමි කම්පාවකින් කඩා වැටුණු තට්ටු දෙකක සුන්බුන් මත සිරවී සිටි පස් හැවිරිදි සිරියානු දැරියක් වන ජිනාන් තමා වටා ඇති සුන්බුන් වලින් තම කුඩා සහෝදරයාව ආවරණය කර ගනිමින් උදව් ඉල්ලා මොර ගැසීය. “මාව මෙතැනින් පිටතට ගන්න. මම ඔබට ඕනෑම දෙයක් කර දෙන්නම්. මම ඔබගේ සේවිකාව වෙන්නම්” යනුවෙන් හද කම්පා කරමින් ඇය මොර ගැසුවාය.
ගීතාවලිය පුරාම විපත්තියේදී කරන මොර ගැසීම් හමුවේ. “මාගේ…
“ඔබ නින්දට යාමට පෙර ඉස්සරහ කාමරය පිරිසිදු කරන්න” කියා මම මාගේ එක් දියණියකට කීවෙමි. “ඇයි එයාට ඒක කරන්න බැරි?” ක්ෂණිකව පිළිතුර පැමිණියේය.
අපගේ දියණියන් තරුණ කාලයේදී එවැනි මෘදු විරෝධයන් අප නිවසේ බහුල විය. මගේ පිළිතුර සෑම විටම එක හා සමාන විය. “ඔබගේ සහෝදරියෝ ගැන කරදර වෙන්න එපා. මම කිව්වේ ඔබටයි”.
යොහන් 22 හි මෙම මනුෂ්‍ය ප්‍රවණතාවය ගෝලයන් අතරද තිබූ බව…